හැඳින්වීම

දැක්ම

ජාතියේ විශිෂ්ටත්වය සඳහා කැපවූ රාජ්‍ය සේවයක්.

මෙහෙවර

සාධාරණව, විනිවිද බවින් හා සමානුකූලව මහජනයාට සේවය කිරීමට, කාර්යක්ෂම, විනයගරුක සහ තෘප්තියට පත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අරමුණු

  • රාජ්‍ය සේවයේ පත්කිරීම්, උසස්කිරීම් හා විනය පාලනය සඳහා ප්‍ර‍මිති, ප්‍ර‍තිපත්ති, මාර්ගෝපදේශ හා නීතිරීති යනාදියට අනුකූලව කටයුතු කරමින් මානව සම්පත සතු කාර්යක්ෂමතාව හා සඵලතාව ස්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම හා තිරසාරව පවත්වා ගෙන යාම.
  • රාජ්‍ය සේවයේ අඛණ්ඩ උන්නතිය වෙනුවෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහය වනු පිණිස, එකිනෙකට වෙනස්වන වාතාවරණ හමුවේ උද්ගතවන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංවේදී ලෙස කටයුතු කිරීම.
  • බලය අභිනියෝජිත බලධරයන්ගේ අදාළ නියෝග මඟින් අතෘප්තියට පත් රජයේ නිලධරයන්ගේ අභියාචනා සම්බන්ධව දෙපාර්ශවයේම කරුණු සලකා බලමින් සාධාරණ හා නිවැරදි තීරණයන්ට එළඹීම.
  • සේවා අභිප්‍රේරණය හා රැකියාවේ තෘප්තිය සලසා දෙමින් වඩාත් සුදුසු නිලධරයන් සේවයෙහි රඳවාගැනීම සඳහා විවිධ කුසලතා, දැනුම හා පළපුරුද්ද ලබා ගැනීමට ඉඩහරිමින් පුද්ගල වෘත්තීය සංවර්ධනය අත්කර ගැනීම සහතික වනු පිණිස රාජ්‍ය නිලධරයන් සඳහා පිළිගත් වෘත්තීය මාවතක් ස්ථාපිත කිරිම.
  • වෘත්තීය ආචාර ධර්ම පිළිපදින, විෂමාචාර ක්‍රියාවලින් තොර විනය ගරුක රාජ්‍ය නිලධාරියකු නිර්මානය කිරීම.