පත්වීම් අංශය

අංක 1955/22 හා 2016.02.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 1941/41 හා 2015.11.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබ ඇත්තා වූ ද ,1989/29 හා 2016.01.29 දිනැති, 1990/24 හා 2016.10.27 දිනැති, 1992/7 හා 2016.11.07 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරනු ලැබ ඇත්තා වූ ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල පවරා නොමැති, රාජ්‍ය නිලධාරින් ( අමාත්‍යාංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පළාත් රාජ්‍ය සේවයේ හා අධිකරණ නිලධාරීන් හැර ) සම්බන්ධයෙන් වන පහත කාර්යභාරය යටතේ දක්වා ඇති කර්තව්‍යයන් පත්කිරීම් අංශය මඟින් ඉටු කරනු ලැබේ.

කාර්යභාරය

  • අනුමත සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනිම් පටිපාටි වලට අනුව බඳවා ගැනීම
  • නව සේවා ව්‍යවස්ථා / උසස් කිරීම් පටිපාටි වලට අන්තර්ග්‍රහණය.
  • පරිවාස කාලය / වැඩබැලීමේ කාලය අවසානයේ සේවයේ ස්ථීර කිරිම / සේවය අවසන් කිරීම.
  • කලින් දැරූ තනතුරට පෙරළා යැවීම.
  • වැඩ බැලීමේ / රාජකාරි ඉටු කිරීමේ පදනම මත පත් කිරීමට ආවරණ අනුමැතිය ලබාදීම.
  • රජයේ සේවයෙන් ස්ථීරව / තාවකාලික මුදාහැරීම
  • කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම.
  • සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා අනුමැතිය ලබා දීම.
  • සේවයට / තනතුරට නැවත පත්කිරීම.
  • විශ්‍රාම ගැන්වීම ( රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/88 අනුව, අනිවාර්ය, වෛද්‍ය හේතූන් මත )
  • විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම.
  • සේවා ව්‍යවස්ථාවන්හි උප ලේඛනගත තනතුරුවලට ( අදාළ අවස්ථාවන්හිදී ) පත්කිරීම.
  • කාර්යක්ෂමතා කඩඉම් සහන ලබා දීම.
    • ඉහත සඳහන් කර්තව්‍යයන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලැබ ඇති නියෝග / තීරණවලට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා පිළිබඳව මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙහි හා අභියාචනාධිකරණයෙහි ගොනු කරනු ලබන නඩු වලට අදාලව නිරීක්ෂණ ඇතුලත් වාර්තා සකස් කිරීම / ලබාදීම හා පරිපාලන විනිශ්චය අධිකාරියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ කැඳවීම් සඳහා සහභාගී වීම.
    • ඉහත සඳහන් කර්තව්‍යයන්ට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත, ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා සඳහා වාර්තා සකස් කිරීම/ ලබාදීම සහ මහජන පෙත්සම්කාරක සභාව ඉදිරියේ පෙනී සිටීම.
  • සෞඛ්‍ය සේවා කමිටුව, අධ්‍යාපන සේවා කමිටුව විසින් ලබා දී ඇති නියෝග/ තීරණවලට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • පත්කිරීම් වලට අදාළව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.