අධ්‍යාපන සේවා කමිටුව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 56 (1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අංක 1989/27 හා 2016.10.19 දිනැති ගැසට් නිවේදනය මගින් අධ්‍යාපන සේවා කමිටුව පත් කර ඇත.

අංක 1989/29 හා 2016.10.19 දිනැති, අංක 1992/7 හා 2016.11.07 දිනැති හා අංක 2014/3 හා 2017.04.11 දිනැති ගැසට් නිවේදන මගින් උක්ත කමිටුව වෙත බලතල පැවරීම් හා සංශෝධනය කිරීම් සිදු කර ඇත.

අංක 2014/3 හා 2017.04.11 දිනැති ගැසට් නිවේදනය මගින් පවරන ලද බලතල අනුව 2017.04.07 දින සිට අධ්‍යාපන සේවා කමිටුවේ කාර්යයන් සිදු කරන අතර සාමාන්‍ය විශ්‍රාම ගැන්වීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අංක PSC/EST/02-03/05/2016-SUB හා 2019.08.05 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත පවරා ඇත.

අධ්‍යාපන සේවා කමිටුවේ කාර්යභාරය

අංක 2014/3 හා 2017.04.11 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරනු ලැබ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලතල පවරා ඇති නිලධාරින් සම්බන්ධයෙන් අධ්‍යාපන සේවා කමිටුව පහත සඳහන් කර්තව්‍යයන් ඉටු කරනු ලැබේ. 

  • අනුමත සේවා ව්‍යවස්ථා / බඳවා ගැනීමේ පටිපාටි අනුව බඳවා ගැනීම, සේවයේ ස්ථීර කිරීම, සේවය අවසන් කිරීම, කලින් දැරූ තනතුරට පෙරළා යැවීම, වැඩ බැලීමේ / රාජකාරී ඉටු කිරීමේ පදනම මත පත් කිරීම, මුදා හැරීම (ස්ථීර /තාවකාලික), ස්ථානමාරු, සේවයෙන් ඉල්ලා අස්වීම, සේවයේ හැරයාමේ නිවේදනවලට එරෙහි අභියාචනා පිළිබඳව සළකා බැලීම, සේවයට / තනතුරට නැවත පත් කිරීම, විශ්‍රාම ගැන්වීම (සාමාන්‍ය විශ්‍රාම ගැන්වීම හැර) හා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම.
  • අනුමත සේවා ව්‍යවස්ථා / බඳවා ගැනීමේ පටිපාටි අනුව උසස් කිරීම (ශ්‍රේණියෙන් ශ්‍රේණියට / ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත)
  • කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබාදීම.
  • අධ්‍යාපන සේවා කමිටුවේ විෂය පථයට අයත් නිලධාරීන්ට අදාළව ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ පළමු උපලේඛනයේ දක්වා ඇති වැරදි සම්බන්ධයෙන් වූ විනය පාලනය හා සේවයෙන් පහ කිරීම.
  • 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ තොරතුරු ලබාදීම.

සාමාජිකයින්

 withanage

 ජී. එස්. විතානගේ මහතා


 සභාපති

 damitha 2

 ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය


 සාමාජික 

 wijerathna

 එස්. යූ. විජේරත්න මහතා


 සාමාජික 

Wimalaweera

ඒ. ඩබ්. ආර්. විමලවීර මහතා ලේකම්